මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් අද (23) සවස සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.
ඔහු සිය ඉල්ලා අවස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් වෙත බාර දී ඇති අතර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
පෞද්ගලික හේතුවක් මත තමා ලේකම් ධූරයෙන් ඉවත් වන බවට ලේකම්වරයා දැනුම් ද ඇති බව ද වාර්තා වෙයි.
ගාලු මුවදොර සිද්ධිය පදනම් කරගෙන මතු වූ තත්ත්වය නිසා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මෙන් ම පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි මතයක් ඇති විය.