මසට පැටවූ හරක් ලොරියක් පෙරළෙයි! එළදෙනුන් ඇතුළු හරක් 19ක් ලොරියේ!

April 9, 2019 at 1:12 pm | by admin

අම්පාර, මහඔය සිට වරකාපොළ දක්වා මස් පිණිස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් අද(09) අලුයම 05ට පමණ අනතුරට ලක්ව තිබේ.

මින්නේරිය සී.පී.පුර මංසන්ධියේ දී මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ මගී බස් නැවතුමකට හා වෙළඳ සැලකට දැඩි හානි කරමින් මෙම ලොරි රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ඇත.

අනතුරින් ලොරි රථයේ ගවයින් සිටි 19 දෙනෙකු අතරින් සිව් දෙනෙක් මෙලෙස මියගොස් තිබේ. ප්‍රවාහනය කළ ගවයින් අතර, එළදෙනු දෙදෙනෙක් ද සිට ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *