මර්දනයට එරෙහිව අපිත් හෙට පාරට බහිනවා..! රනිල් රාජපක්ෂ ආණ්ඩුව පෙරළා ශ්‍රීලනීප ආණ්ඩුවක් හදනවා..! – දයාසිරි…

November 1, 2022 at 7:34 pm | by emanisa.lk

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

වෘත්තීය සමිති හා විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදී උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්‍ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් හිටපු අමාත්‍ය ජයසේකර අවධාරණය කරයි.

රාජපක්‍ෂ පවුල් පාලනයට හා එක්සත් ජාතික පක්‍ෂ පාලනයට විරුද්ධ බලවේග සියල්ල එක්කර දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බිහිකර නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරගෙන යන බව කී මහ ලේකම්වරයා රාජපක්‍ෂ පවුලේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුව හා ජන බලයක් නොමැති එක්සත් ජාතික පක්‍ෂය ඒකාබද්ධ රනිල් රාජපක්‍ෂ ආණ්ඩුවට සහයෝගයදීමේ හැකියාවක් තමන්ට නැතැයි ද කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (01) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ බිහිකරන නව ආණ්ඩුව අරගලය ප්‍රතික්‍ෂේප නොකරන සහ අවිහිංසාවාදී අරගලය ශක්තිමත් කරන වාම ප්‍රගතිශීලී නායකත්වයකින් යුත් එකක් බවත්, එය ංචාවෙන්, දූෂණයෙන් තොර ජනතාව අපේක්‍ෂිත සිස්ටම් චේන්ජ් එකක් කරන ආණ්ඩුවක් බවත් ජයසේකර මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *