මරඳගහමුල සහල් කඩ 45න් 30කට වඩා වැහිලා… හාල් මෝල් 60ක් වැහිලා…!

December 20, 2024 at 11:30 am | by emanisa.lk

නාඩු, කැකුළු සහ රතු සහල් අලෙවියට නොමැති නිසා මරඳගහමුල සහල් කඩ 45න් 30කට වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඩී.කේ. රංජිත් මහතා පවසයි.

මේ වන විට මරඳගහමුල කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් 60ක් පමණ වැසී ඇති බවත් මෙම තත්ත්වය ඊළඟ කන්නයේ වී තොග ලැබෙන තෙක් පවතිනු ඇතැයි ද ඔහු කීය.

විවෘත කර තිබෙන වෙළෙඳසල් කිහිපයේ ද සම්බා, කීරි සම්බා වැනි සහල් සීමිත ප්‍රමාණයක් පවතින වෙළෙඳසල් වැඩි ප්‍රමාණයක සහල් නොව වෙනත් භාණ්ඩ අලෙවියට තබා ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

ආනයනික සහල් ඊයේ (19) වන විට එම ප්‍රදේශයේ එක් වෙළෙඳසැලකට පැමිණ තිබූ බවත්, තවත් වෙළෙඳසල් කිහිපයක් ආනයනික සහල් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *