මම හොයන්නේ පරණ හොරකම් විතරයි… අලුත් හොරකම් ගැන පස්සේ හොයනවා…! – රංග දිසානායක…

October 2, 2026 at 5:10 pm | by emanisa.lk

තමා මේ වන විට පැරණි නඩු විමර්ශනය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇති බව අල්ලස් විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසයි.

එම නඩුවලට ප්‍රමුඛතාව ලබා දුන්නේ ඒවා තවත් පරණ වීමට දිය නොහැකි නිසා බවද තමන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසද පළමුව පැරණි නඩු සඳහා ප්‍රමුඛතාව දුන් බවද ඔහු අවධාරණය කරයි.

අලුත් චෝදනා පමණක් විමර්ශනය කර පැරණි ඒවා යට ගැසිය නොහැකි බවද ඉදිරියේදී අලුත් ඒවා පිළිබඳ විමර්ශනය කරන බවත් රංග දිසානායක ප්‍රකාශ කරයි.

රංග දිසානායක විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් පළිගැනීම සඳහා පැරණි සිදුවීම් විමර්ශනය කරන බවට නැගෙන චෝදනා පිළිබඳ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීය.

ඒ ස්වාධීන රූපවාහිනියේ දේශපාලන සාකච්ඡාවකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *