මම සිනමාවෙන් සජබෙට යද්දි අපහාස කළ අය කොට්ටහච්චි නිල් බලකායෙන් මාලිමාවට යද්දි හුරේ දානවා…! – දමිතා…

October 18, 2024 at 12:25 pm | by emanisa.lk

තමා අරගලයට සම්බන්ධ වූයේ ජනප්‍රිය සම්මානිත නිළියක් ලෙස මිස අරගලයෙන් තමා ලබා ගත් දෙයක් නොමැති බව දමිතා අබේරත්න පවසයි.

අරගලයෙන් පසු තමන් සජබයට සහ අනතුරුව මැතිවරණයට තරග කරන බව ප්‍රකාශ කළ විට බොහෝ පිරිසක් තමන්ට ඉතාම පහත් ලෙස නින්දා අපහාස කළ බවයි, ඇය සඳහන් කළේ.

එහෙත් නිලන්ති කොට්ටහච්චි නිල් බලකායෙන් අරගලයටත් අරගලයෙන් මාලිමාවටත් මාලිවෙන් මැතිවරණයටත් පැමිණෙන විට ජනතාව හුරේ දමන බවට ද දමිතා අබේරත්න චෝදනා කරයි.

මේ ආකාරයට රටේ කාන්තාවන් දෙදෙනෙකුට වෙනස් ආකාරයට සැලකීම තේරුම් ගන්නේ කෙසේ දැයි ඇය ප්‍රශ්න කරයි.

චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් දමිතා අබේරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *