තමන් සමගි ජන බලවේගය සමග එකතු වූ බවට ප්‍රචාරය වන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නැතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න පවසයි.
විපක්ෂ නායකවරයාගෙන් ලැබුණු ආරාධනයක් අනුව මෙම හමුව සඳහා තමන් සහභාගී වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.
ඉදිරියේ දී ආණ්ඩුවට එරහිව ගොඩනගන පුළුල් සන්ධානය සඳහා එකතු වන ලෙස විපක්ෂ නායකවරයාගෙන් තමන්ට ආරාධනා ලැබුණු බවත් සිය තීරණය ඉදිරියේ දී දැනුම් දෙන බව පමණක් එහි දී තමන් ප්‍රකාශ කළ බවත් අසංක නවරත්න සඳහන් කරයි.
සමගි ජන බලවේගය අතහැර යන පිරිස් නවතා ගැනීම සඳහා මෙවැනි බාල ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීමෙන් හැකියාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් කැඳවිමිනි.