මම රට භාර ගත්තේ ප්‍රශ්න දැකලා හැමෝම පැනලා දුවද්දි…!

August 20, 2024 at 10:12 am | by emanisa.lk

නිසි ආර්ථික පරිවර්තනකින් තොරව ‍රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මේ රට මම භාරගත්තේ, වෙන කවුරුත් භාරගන්න නොසිටි අවස්ථාවක. හැම එක්කෙනාම ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. දැන් අපි ඒකට විසඳුම ලබාගෙන යනවා. රටේ නව ආර්ථිකයක් ඇති කරන්න.

ඒක පරිවර්තනය කරන්න ඕනේ විශේෂයෙන් ම අපනයන ආර්ථිකයක් හැටියට. අපි ඒ දුර යන්නේ නැත්නම්, අපි කරපු මේ වැඩ රඳා පවත්වන්න බෑ. ඒක කඩා වැටෙයි. මෙතැන තියෙන්නේ ඔබ සියලු දෙනාගේම ඊළඟ අවුරුදු 3 – 4 අනාගතය ගැන හිතන්න.

තරුණ අයට තියෙන්නේ තව අවුරුදු 20කින් තමන්ට ඕන රට මොකද්ද කියලා හිතන්න. හිතලා ඡන්දය භාවිත කරන්න…”

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ “AskRanil” වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *