මම මේ පාර ඉල්ලන්නේ නැත්තේ පරදින නිසා තමයි…! – එස්.බී.

October 23, 2024 at 12:26 pm | by emanisa.lk

තමන් මේ අවස්ථාවේ මහා මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ ජයග්‍රහණය කිරීමේ හැකියාවක් නොමැති නිසා බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව සුවිශාල පෙරළියක් කරමින් නව තීන්දුවක් ලබා දී ඇති බවත් ඒ දෙස තමන් ධනාත්මකව බලන බවත්ය.

2019 වසරේ දී 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂට සුවිශාල ජනවරමක් ලබා දුන්න ද වසර දෙකක් ඇතුළත ඒ ජනතාව අනාථ කොට අසරණ කිරීම නිසා ඇති වූ අසරණකම කේන්තිය සහ වෛරය මෙවැනි තීන්දුවක් ගැනීමට හේතුව බව ද ඔහු සඳහන් කරයි.

කෙසේ වුව ද තමන් කිසි දිනක දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා අතර දේශපාලනය කිරීම යනු පාර්ලිමේන්තු යෑම නොවන බව ද අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *