තමා දේශපාලනයට පිවිසියේ මන්ත්‍රී දීමනාවෙන් ජීවත් වීමට නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය පවසයි.
සිය වැටුප සම්පූර්ණයෙන් පක්ෂයට පරිත්‍යාග කරන නිසා තමන්ට බදු ගෙවීම අවශ්‍යතාවක් නැතැයි ද ඇය සඳහන් කරයි.
එම වැටුප නැත ද තම පවුලේ ආදායමින් සහ මිතුරන්ගේ උපකාරයෙන් ජීවත් වීමේ හැකියාව තමන්ට ඇතැයි ද හරිනි අමරසූරිය පෙන්වා දෙයි.