පසුගිය අප්‍රේල් මස අනුරාධපුර විහාරස්ථානයකට ගොස් බැඳගත් පිරිත් නූල සිය නාන කාමරයේදී ගැලවී වැටුණු දිනයේම එම පිරිත් නූල බැන්ද ස්වාමීන් වහන්සේ විශාල ඇබැද්දියකට පත්ව ඇතැයි දැනගන්නට ලැබුණු බව හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
“අපි අනුරාධපුරේ අප්‍රේල් 25 මීටිමක් තිබ්බා. ඒ රැස්වීමට කලින් දවසේ මම පූජ වට්ටියකුත් අරන් ගිහින් පූජ්‍ය පක්ෂයේ එක්කෙනෙකුට දණ ගහලා වැඳලා අතේ නූලකුත් බැඳගෙන ආවා.
සතියක් ගියෙත් නෑ, දවසක් මම නානකොට මේක ගැලවිලා බාත්රූම් එකේ වැටුණා. ඊට කලින් එහෙම වෙලා තිබ්බේ නෑ.
මම නාගෙන ඇවිත් ඇඳ උඩ වාඩි වෙලා මගේ phone එක අරගෙන facebook දැම්මා. බලද්දි පිරිත් නූල බැඳපු එක්කෙනාට විශාල ඇබැද්දියක්. එහෙම වෙන්න බෑ. සියල්ල කඩා වැටුණු සමාජයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ.”
දේශපාලන රැස්වීමක් අමතමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කීය.