මම නිර්මල සුපිරි බෞද්ධයෙක්! රණසිංහ ප්‍රේමදාසගේ පුතා!

July 11, 2020 at 11:23 pm | by emanisa.lk

2019 වසරේ මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය ඉතාමත් සුලු අන්තවාදී පිරිසකගේ ප‍්‍රහාරයක් යයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුළු මුස්ලිම් ප‍්‍රජාවගෙන්ම පළිගැනීම නුසුදුසු බවත් ඔහු පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.

කාඩ්බෝඩ් බෞද්ධයන් තමන්ට විවිධ ප්‍රහාර එල්ල කරන බව පැවසූ ඔහු තමන් නිර්මල සුපිරි බෞද්ධයෙක් බවත් රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයා බවත් එහිදී අවධාරණය කර කියා සිටියේය.

ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාටම ජාතිය ආගම නොසලකා මරණ දඬුවම දීමට තමන් කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස