මම නියත ලෙසම 50% ගන්නවා.. සමහර විට 70% පනීවි…! – අනුර…

August 20, 2024 at 11:06 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන්ට නිසැක වශයෙන් ම සියයට පනහ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

සිය ඡන්ද ප්‍රතිශතය සියයට හැට හැත්තෑව දක්වා වුව ද ඉහළ යාමේ හැකියාවක් ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය ලැබූ 69 ලක්ෂයේ ජන වරමින් ලක්ෂ 50ක් පමණ පාවෙන ඡන්ද බවත් සජිත් ප්‍රේමදාස ලැබූ ලක්ෂ 56 ඇතුළේ තිබුණේ ගෝඨාභයට එරෙහි ඡන්ද බවත් හෙතෙම සඳහන් කරයි.

එසේ ම මෙවර අලුත් ඡන්ද ලක්ෂ 12ක් සමග ඉතා ම පහසුවෙන් ලක්ෂ 70 ඉලක්කය ඉක්මවා යෑමේ හැකියාව ජාතික ජනබලවේගයට ඇති බව අනුර දිසානායක අවධාණය කරයි.

ඊයේ (19) කොළඹ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *