මම ජනාධිපති පොරේට එන්නැත්තේ බැරිකමට නෙමෙයි…! – ඩලස්..

February 1, 2024 at 7:49 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ සියලු දෙනා පළා යද්දී තමා තරඟ කළ බව ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එහි දී විපක්ෂයේ බොහෝ පක්ෂවල සහයෙන් තමන් ඡන්ද 84ක් ලබා ගත් බවයි.

මේ අවස්ථවේ තමන්ට ද නැවත ජනාධිපති අපේක්ෂක පොරයට පැමිණිය හැකි බවත් ඒ සඳහා සියලු සුදුසුකම් තමන්ට ඇති බවත් හෙතෙම කියා සිටියි.

මේ අවස්ථාවේ කළ යුත්තේ තව තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයින් නම් කොට ආණ්ඩුවට තවත් හුස්ම ගැනීමට ඉඩ දීම නොවන බව ද ඩලස් අලහප්පෙරුම අවධාරණය කරයි.

නිදහස ජනතා සභා මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *