මන්නාරම් ද්‍රෝණියේ ඇති තෙල් සහ ගෑස් නිධි නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමෙන් ශ්‍රී ලංකාවේ පවතින සමස්ත ණය බර ගෙවා දමා, මෙරට ආසියාවේ සංවර්ධිතම රාජ්‍යය බවට පත් කළ හැකි බව ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
“මීට පෙර මැතිවරණ ඉලක්ක කරගෙන මෙවැනි දේවල් ප්‍රකාශ කළත්, අපේ රජය මේ වන විටත් එම කටයුතු ප්‍රායෝගිකව ආරම්භ කර තිබෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම හරහා අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකියි.”
මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන දෙකක්ද ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන නවයක්ද පවතින බවට අනුමාන කරන බවද ඔහු පෙන්වා දෙයි.
මෙම සම්පත් ගවේෂණය සඳහා වර්ග කිලෝමීටර් 34,000ක භූමි ප්‍රමාණයක් ප්‍රධාන කොටස් හතරකට බෙදා දේශීය හා විදේශීය ආයෝජකයගෙන් ලංසු කැඳවීමට රජය දැනටමත් පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
සුනිල් රත්නසිරි මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.