මන්නාරම් ඉන්දියා පාලම් ව්‍යාපෘතියට විරුද්ධයි…! – ඇමති විජිත හේරත්…

April 27, 2025 at 7:02 pm | by emanisa.lk

ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා කෙරුණු පාලම ඉදිකිරීම ශ්‍රීලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

එසේම එකී ව්‍යාපෘතිය යටතේ යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද තම රජය විරුද්ධ බැවින් එය ද ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළේ විද්‍යුත් නාලිකාවක් සමඟ කාලීන හා දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමිනි.

පෙර රජයන් මේ සඳහා එකඟතාව පළකර තිබූ නමුත් දෙරට අතර පාලමක් ඉදිකිරීම සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම රට වෙන්වීමේ තත්ත්වයක් ඇති වීමේ අවධානමක් මතුවෙතැයි ද අමාත්‍යවරයා සැකසංකා පළකරයි.

කෙසේ වෙතත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයට රජය එකඟ බැවින් ඊට එඟතාව පළකල බවද ඔහු සඳහන් කරයි.

එසේම දෙරට අතර ආර්ථික දේශපාලන තත්ත්වයන් සමාන වූවා නම් ගැටළුවක් නොමැති බවත්
මැලේසියාව සහ සිංගප්පූරුව අතර පාලමක් ඉදිකරන විට දෙරට අතර ආර්ථික තත්ත්වය සමාන බව ද ඇමති විජිත හේරත් එහි දී වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *