මන්ත්‍රී 225ට ලියුම් යවන්න මසකට ලක්ෂ 1250ක මුද්දර…!

October 12, 2024 at 12:45 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් රුපියල් එකොළොස් කෝටි විසිපන්ලක්ෂයක මුද්දර පහසුකමක් දෙන බව අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මාසයකට රුපියල් ලක්ෂ පහක මුද්දර භාවිත කිරීමේ පහසුකම සලසා ඇත.

මෙම මුද්දර පහසුකම භාවිත කිරීමට හැකි වන්නේ රාජකාරි කටයුතු සඳහා පමණක් වන අතර මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දෙන මුද්දර පහසුකමට අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් තැපැල් දෙපාර්තමේන්තුවට නොලැබෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි වූ බවට ගැසට් නිවේදනය නිකුත් වීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුව මගින් ඔවුන්ට ලබා දී තිබෙන මුද්දර භාවිත කිරීමේ පහසුකම ද අහෝසි වන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *