මන්ත්‍රී නිවාස ගිනි තැබීම සාධාරණයි කියන්න කොන්දක් තිබ්බේ රාසමානික්කම්ට විතරයි…!

June 11, 2022 at 9:54 am | by emanisa.lk

මැයි 09 වෙනිදා රාත්‍රී ජනතාව විසින් මන්ත්‍රී නිවාස ගිනි තබමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම සාධාරණ යැයි කීමට පාර්ලිමේන්තුවේ කොන්දක් තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ ශානක්කියන් රාසමානික්කම්ට පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසන්නේ එහි දී ඝාතනයට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන ලෙස අගමැති රනිල් ඉල්ලා සිටිය ද තමන් ඊට සූදානම් නොමැති බවයි.

ජනතාවට මන්ත්‍රී නිවාස ගිනි තබා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට සාධාරණ හේතු තිබූ බවත් ඒ වෙනුවෙන් පෙනී සිටි ශානක්කියන් රාසමානික්කම්ට එරෙහිව කටයුතු කළහොත් උතුරු දකුණු භේදයක් නොමැතිව මුළු රටේ ම ජනතාව සමග ඊට එරෙහිව නැඟී සිටින බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *