මන්ත්‍රීවරු බිලී බාන්න ආණ්ඩුවෙන් බාර් පර්මිට්…!

April 29, 2024 at 5:49 am | by emanisa.lk

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වඩා වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි වාර්තා වේ.

ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇත.  බලපත්‍ර දෙක ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලබා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

අනතුරුව එම නායක ස්වාමීන් වහන්සේ සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ ගැන පැමිණිලි කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *