පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා දැනුම්වත් කළ බව කතානායක ජගත් වික්‍රමරත්න පවසයි.
කතානායකවරයා මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස මන්ත්‍රීවරුන් විටින් විට තමා වෙත ඉල්ලීම් යොමුකළ බවයි.
ඒ අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තමන් එම ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකළ බව ද කතානායක පැවසීය.