ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් පොලිස් කොමිසම මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගුකර ඇත.
මෙම නිලධාරීන් ඇතුළුව පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව පසුගියදා පොලිස් කොමිසම වෙත නාම ලේඛනයක් යොමු කර තිබිණි.
වරායේ තිබී මත්ද්‍රව්‍ය කන්ටේනරක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගෙන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට දේශපාලන බලපෑම් මත ස්ථාන මාරුවීමක් ලබාදීමට කටයුතු කරන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇති විය.
කෙසේ වෙතත් පොලිස් කොමිසමේ මැදිහත් වීම මත එම ස්ථාන මාරු අවලංගු කිරීම තුළින් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය යළි තහවුරු විය.