මඩුපාර රක්ෂිතයේ හෙක්ටයාර් 56.8 ක භූමි ප්‍රමාණයක් 2023.8.8 දිනැති ගැසට් නිවේදනය මගින් රක්ෂිතභාවයෙන් නිදහස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මඩුපාර රක්ෂිතයේ දීර්ඝ කාලයක පටන් වගා කරනු ලබන කුඹුරු ඉඩම් සහ ජනාවාස ලෙස සංවර්ධිත භූමි ප්‍රමාණය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව මෙලෙස නිදහස් කර ඇත.
මඩු පාර අභය භූමිය ජාතික උද්‍යානයක් ලෙස උසස් කිරීමට එම අභය භූමියේ පැවති ඇතැම් ජනාවාස රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් හා ඊට යාබදව පැවති වනාන්තර කොටස් ඇතුළත් කරමින් මඩු පාර අභය භූමිය ජාතික උද්‍යානයක් වශයෙන් 2015 වසරේ දී ගැසට් කෙරිණි.