මට හැර ඒකාබද්දේ හැමෝට ම ඇමැතිකම් දීලා…! මේවා දෙයියොම බලා ගන්න ඕන…! – ගීතා….

November 20, 2021 at 9:42 pm | by emanisa.lk

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකු ම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසට වී සිටින බවත් ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසයි.

ඇය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයට අද (20) එකතු වෙමිනි.

“මේවා උඩ ඉන්න දෙවියෝ බලාගනිවි. ලෝකයේ ඕනෑ ම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා” යැයි ද ඇය සඳහන් කළාය.

එදා වැඩි දෙනා ඒකාබද්ධ විපක්ෂය හැර දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාරු වී ගියත් තමා විපක්ෂයේ රැඳී සිටි බව පැවසූ ගීත කුමාරසිංහ, එදා ඒකාබද්ධ විපක්ෂයට කළු පටියක් ගෙන්නවත් කවුරුත් නොසිටි බවත් එය ගෙන ආවේ ද තමා බවත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *