ජල විදුලිය උපරිම වශයෙන් නිෂ්පාදනය වන අවස්ථාවක වුව ද පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගන්නේ තාක්ෂණික හේතු කිහිපයක් නිසා බව විදුලි බල මණ්ඩල සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම තාක්ෂණික හේතු නිසා නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර රාත්‍රී සහ දහවල් විදුලි අවශ්‍යතාව ධාරිතාව අඩු වැඩි කිරීමේ සීමා ඇති නිසා අවශ්‍ය අවස්ථාවල අවම මුදලක් වැය වන පරිදි ඩීසල් බලාගාරවලින් විදුලිය මිල දී ගන්නා බවයි.
එම විදුලිය තම පවුලේ බලාගාරවලින් මිලට ගන්නා බවට සමාජ මාධ්‍යවල පැතිරෙන ප්‍රවෘත්ති අසත්‍ය බවත් තමන්ට හෝ තම බිරිඳට කිසිදු ඩීසල් විදුලි බලාගාරයක් නොමැති බවත් නිවසේ වහලයේ සූර්යකෝෂයක් හෝ නොමැති බවත් තිලක් සියඹලාපිටිය අවධාරණය කරයි.
අද (12) මාධ්‍ය හමුවක් අමතමින් සභාපතිවරයා මේ බව කීය.