මට පුළුවන් ජනාධිපතිගේ කලිසම ඔළුවෙන් ගළවන්න…! – දිලිත් ජයවීර….

June 29, 2026 at 1:06 pm | by emanisa.lk

වත්මන් ආණ්ඩුව ලාංකික දේශපාලනයට බුද්ධිමත් තාර්කික ආමන්ත්‍රණයක අවශ්‍යතාව දිනපතා පැහැදිලි කරමින් ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔවුන් බලයට පැමිණියේ ලංකාවේ මෙතෙක් පැවති දේශපාලනය වෙනස් විය යුතු යැයි බහුතර ලාංකිකයන් විශ්වාස කළ නිසා බවත් තමන්ට ඊට එකඟ වන බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

එහෙත් ඒ සඳහා තෝරාගත් විකල්පය ඉතාම වැරදි බවත් එහෙයින් තමන් වැනි නූතන දේශපාලන විභවය හඳුනාගත් දේශපාලන ව්‍යාපාර වෙත පාවඩ එළමින් අවස්ථාව උදාවී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

‘වත්මන් ජනාධිපතිවරයාගේ කලිසම ඔළුවෙන් ගැළවිය හැකිය’ පන්නයේ ආවේගශීලි කතා කීමට තමන්ට හැකි වුවද ඉන් මේ රටේ ජනතාවට කිසිවක් නොලැබෙන බවද දිලිත් ජයවීර අවධාරණය කරයි.

සර්වජන බලය ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස