තමන්ට ජනාධිපති උපදේශක තනතුරු ලැබුණේ 2023 වසරේ බවත් එතැනි සිට ගත වූ මාස කිහිපය තුළ වාහන 08ක් මාරු කිරීමට සිදු වූ බවත් හිටපු ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක පවසයි.
තමන් භාවිත කළේ යැයි කියන Porsche රථය ද මෙලෙස ලැබුණු එක් රථයක් බවයි, ඇය සඳහන් කළේ.
එය වසර 10ක් පමණ පැරණි දොරවල් විවෘත කිරීමට පවා නොහැකි වැසි ජලය ඇතුළට කාන්දු වන ඉතා ම අබලන් වාහනයක් බවත් එය දිනක් නාරාහේන්පිට ප්‍රෙද්ශයේ නැවතී ජනාධිපති ලේකම් කාර්යාලය මගින් තවත් වාහනයක් ආධාරයෙන් රැගෙන ගිය බවත් රෝසි සේනානායක සඳහන් කරයි.
ඊට පසු තමන් භාවිත කළේ සිය පෞද්ගලික වාහනය වන නිසා තමා එම Porsche රථය භාර දුන් බවට පළ වන වාර්තා අසත්‍ය බවත් ඇය අවධාරණය කරන අතර විමර්ශන කළ යුත්තේ මෙවැනි අධික තෙල් වියදමක් සහිත වාහනය ලංකාවට ගෙන ආවේ කාගේ අවශ්‍යතාව මත ද යන්න බවයි.