මට අත්දැකීම් අඩුයි..තවම ඉගෙන ගන්නවා..අගමැති වැඩිපුර මැදිහත් විය යුතුයි…! ජනපති කැබිනට්ටුවෙදි කියයි…

October 8, 2021 at 10:37 am | by emanisa.lk

තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමනට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබේ.

එනිසා වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා තිබේ.

තමන් ජනාධිපතිවරයා වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මේ අදහස් පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *