හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සිය පියාණන් වූ පමණින් ඔහු කළ සියල්ල අනුමත නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
සිය පියා කළ යහපත් දේ පමණක් ඉදිරියට පවත්වා ගෙන යන බවත් ඔහුගේ දුර්වලතා ඇත්නම් ඒවා ප්‍රතික්ෂේප කරන බවත් හෙතෙම සඳහන් කරයි.
රණසිංහ ප්‍රේමදාස කළ සියල්ල නිවැරදි යැයි තමන් නොපවසන අතර තමන් නිදහස් පුද්ගලයෙකු බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
සිය අයිතිවාසිකම් උදෙසා සටන් කළ වෘත්තීය සමිති නායකයින් විශාල පිරිසක් රණසිංහ ප්‍රේමදාස විසින් සේවයෙන් නෙරපූ බවට අගමැති දිනේෂ් ගුණවර්ධන සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ අද (8) පාර්ලිමේන්තුව අමතමිනි.