මගේ නොබෙල් ප්‍රකාශය අත්වැරදීමක්…. තේවලට නොබෙල් තෑග්ග ලැබුණේ නෑ…! – ඇමති හඳුන්නෙත්ති…

September 30, 2025 at 3:55 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ තේ සඳහා නොබෙල් ත්‍යාගය ලැබුණු බවට තමන් සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළ ම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කනගාටු වෙමි.

මේ වන විට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කණගාටු වෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *