තමන්ට අයත් නිවාස ගැන ප්‍රශ්න කිරීමට කාටවත් අයිතියක් නොමැති බවත් ඒවා ගැන කවරෙකුට හෝ ප්‍රශ්නයක් ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.
“මං ආපු දිහා කාටවත් වැඩක් නෑනෙ. මං ආපු දිහා කාටවත් වැඩක් නෑ. මං අනුරාධපුරෙන් ආවාද, ගාල්ලෙන් ආවාද, අහවල් දිහායින් ආවාද කියන එක කාටවත් වැඩක් නෑ. චාමර සම්පත්ට ප්‍රශ්නයක් නම් එයාගෙ ප්‍රශ්නය එයාට විසඳාගන්න කියන්න. එච්චරයි කියන්න තියෙන්නෙ.
මගේ ගෙවල් තියෙන තැන්වල තිබ්බාවේ. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවාට නීතිමය පියවර ගන්න. එච්චරයි. මගේ ගෙවල් කොහෙද තියෙන්නෙ කියලා ඕගොල්ලන්ට කියන්න ඕනෙ නැහැනෙ මම. කාටවත් කියන්න අවශ්‍යතාවක් නැහැ. කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවරක් ගන්න.”
ඇමති කේ. ඩී. ලාල්කාන්ත දැඩි කෝපයෙන් මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.