පසුගිය දිනක තමන් සිදුකළ උකුසු කතාවට බොහෝ දෙනෙකු වැරදි අර්ථකථන ලබා දී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම ප්‍රකාශය තමන් කළේ රටට නොව පොළොන්නරුවට අදාළව බව ද හෙතෙම පවසයි.
ඕනෑම අයකුට ඒ පිළිබඳ ඕනෑම අර්ථකථනයක් කිරීමේ අයිතිය ඇතැයි ද ඔහු පවසයි.
පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් තමන් සිදුකළ සේවය තරුණයන් නොදන්නා බවත් වැඩිහිටියන්ට අමතක වී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.