පිරිපහදුව විකුණන්න දායක වන හැමෝට ම මගේ ආණ්ඩුවෙන් දඬුවම් දෙනවා…!

June 29, 2022 at 3:15 pm | by emanisa.lk

රට තුළ දැවැන්ත අර්බුදයක් පවතින සමයක එම අර්බුදයට මුවා වී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ මේ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වන සියලුම අමාත්‍යවරුන්ට, ලේකම්වරුන්ට සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

කොළොන්නාව තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් පමණ ගුවන් යානා තෙල් මෙන් ම 100% නැක්ටා අවශතාව ද, ඩීසල් 30%ක් පෙට්‍රල් 14%ක් ගෑස් 8%ක් දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි වටිනා සම්පතක් බවත් මේ රටේ අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය රට තුළ සිදුව තිබෙන බිදවැටීමක් නිසා මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසු විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන පාවා දෙන්න හදනවා නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවයි.

එසේ ම මේ රාජ්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සදහා පෙරට පැමිණි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු සේවකයන් සියලු දෙනාට ස්තූති කරන බව ද විපක්ෂ නායක වරයා පැවසීය.

වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ හමුවක් අද (28)කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *