මගේ අණින් කොටි පරාජය කළ රණවිරුවන්ට ප්‍රණාමය….! – ෆීල්ඩ් මාර්ෂල්..

May 20, 2023 at 1:35 pm | by emanisa.lk

ක්‍රියාන්විත සටනේදී දිවිපිදූ, ආබාධිත වූ, තුවාල ලැබූ සහ දිවි දෙවැනි කොට සටන්වැදුනු මාගේ ආදරනීය අභීත රණ විරුවනි,

අප මාතෘභූමිය වෙලාගත් තිස්වසරක කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට මාගේ අණ හා විධානය යටතේ සිව්වන ඊලාම් යුධ පෙරමුනේ 2006 ජුලි 26 වෙනිදා මාවිල් ආරු මෙහෙයුමේ සිට 2009 මැයි 18 වෙනිදා නන්දිකඩාල් කළපුවේ අවසන් සටන දක්වා මා හා එක්ව පුරා වසර දෙකකුත් මාස නමයයි දින විසි දෙකක් සටන් වැදුණු සියලු ම අභීත සෙබලුන් වෙනුවෙන් මාගේ ගෞරවාන්විත උත්තමාචාරය මෙසේ පුද කරමි.

එසේම වසර තිහක් පුරා සටනේදී දිවිදුන් හා තුවාල ලැබූ සියලුම අභීත වීරෝධාර රණශූරයන් සිහිපත් කරමින් ආචාරය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

ත්‍රස්තවාදී යුද්ධයට මැදිවී මියගිය දෙපාර්ශ්වයේම අහිංසක නිරායුධ සිවිල් පුරවැසියන් සහ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියාවල ගොදුරු බවට පත්වූ සියලුම සිවිල් පුරවැසියන්ද සිහිපත් කරමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස