මං ඖෂධ වෙළඳාම ගැන එක්ස්පර්ට්…! හිච්චි කොල්ලො මට උගන්වන්න එන්න එපා…! – රාජිත…

February 5, 2022 at 10:52 am | by emanisa.lk

ප්‍රසම්පාදනය ගැන හිච්චි කොල්ලන් තමන්ට ඉගැන්වීමට පැමිණිය යුතු නැතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එන්නත් මිල දී ගැනීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න චෝදනා නඟන්නේ අනවබෝධයෙන් බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

තමා ප්‍රසම්පාදනය පිළිබඳ ඉගෙන ගත්තේ බොහෝ කාලයකට පෙර බවත් තමාට වඩා ජ්‍යේෂ්ඨයකු ප්‍රසම්පාදනය ගැන උපදෙස් ලබා දෙන්නේ නම් පිළිගැනීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළේ ය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලාභය මිලියන 1920ක් දක්වා තමා ඉහළ නැංවූ බවත් වර්තමාන සභාපතිවරයා ඉන් පඩි කෑව ද ඔසුසැල්වලට බෙහෙත් ටික ලබා දීමට පවා අසමත්ව ඇති බවට ද රාජිත සේනාරත්න චෝදනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *