මං මගේ පියාණෝටත් වඩා වැඩ්ඩෙක්…! – සජිත් ප්‍රේමදාස…

June 23, 2024 at 7:22 pm | by emanisa.lk

සියලු දේශපාලකයන් රටට වැඩක් කළේ පාලන බලය ලබා ගෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සිය පියා මෙන් ම ජේ.ආර්. ජයවර්ධන මහතා ද 1977ට පෙර විපක්ෂයේ සිටිය දී වැඩ නොකළ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් තමන් දැනටමත් විපක්ෂයේ සිට වැඩ කර පෙන්වා ඇතැයි ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

එදා සිය පියා රට පුරා ඇඟළුම් කම්හල් ඉදිකිරීමේ දී ඊට විරුද්ධ පිරිසක් ඒවා ගිනි තැබූ බවත් සුහුරු පන්ති කාමර ද මෙලෙස ගිනි තබා විනාශ කරනු ඇතැයි තමන්ට බියක් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පැලවත්ත මිරිස්වත්ත විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටහනට අද (23) එකතු වෙමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *