දුප්පත් ජනතාව භාවිත කරන භූමිතෙල් මිල කිහිප ගුණයකින් වැඩි කළ හැක්කේ දුප්පත් ජනතාව පිළිබඳ සංවේදී නොවන පාලකයින්ට පමණක් බව හිටපු අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
“භූමිතෙල් භාවිත කරන්නේ රටේ ආර්ථික වශයෙන් පීඩිත ජනතාවයි. කෝටි ප්‍රකෝටි ගණනින් නාස්තිය දූෂණය සිදු වන රටේ, ආයතනික පාඩුව වසා ගන්නට කියා භූමිතෙල් ලීටරයක මිල රු 87 සිට 340 දක්වා සිව් ගුණයකින් වැඩි කිරීම කළ හැක්කේ දුගී ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට පමණි. එය එක ම විසඳුම නොවේ.”
මේ අතර විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බවයි.