භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින්ට කොවීඩ් එන්නත….!

February 20, 2021 at 10:55 am | by emanisa.lk

භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් වෙත කඩිනමින් කොවීඩ් එන්නත ලබා දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා වෙත කොවීඩ් එන්නත ලබා දීම අද (20) ආරම්භ කෙරේ.

මෙම වැඩපිළිවෙළ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා වෙත කොවීඩ් එන්නත ලබා දීම හෙට (21) සිදුවනු ඇත.

ඉදිරියේ දී සමස්ත රට ම ආවරණය වන පරිදි භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයින් වෙත එන්නත ලබා දීමට කටයුතු කරනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *