භික්ෂු සාම පා ගමනට බාධා එපා… වැඳුම් පිදුම් මග දෙපස සිට පමණයි…!

April 22, 2026 at 10:17 am | by emanisa.lk

‘Walk for Peace’ සාම පා ගමනේ නිරතව සිටින ස්වාමීන් වහන්සේලාට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය අග්‍රමහා පණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියන් පවසයි.

එබැවින් එම ස්වාමීන් වහන්සේලාගේ ගමන් මාර්ගයට බාධා වන අයුරින් වැඳුම් පිදුම් කිරීමට හෝ දානය පිළිගැන්වීමට කටයුතු නොකරන ලෙසත්, වැඳුම් පිදුම් කරන්නේ නම් මාර්ගය පසෙක සිට එය සිදු කරන ලෙසත් උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේලා තබන සෑම පියවරක් පාසාම ‘නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’ යන මෙත් සිතින් ගමන් කරන බවද ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද හිමියන් පෙන්වා දුන්හ.

පිටස්තර බාධා කිරීම් සිදු වුවහොත්, එය උන්වහන්සේලාගේ භාවනාත්මක ගමනට බාධාවක් වන බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

‘දෙරණ Big Focus’ වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *