භික්ෂුණී ශාසනය උපන් බිනර පුන් පොහෝ දිනය අදයි….!

September 20, 2021 at 9:37 am | by emanisa.lk

ලෝකවාසී බෞද්ධයන්ට බිනර පුන් පොහොය දිනය ඉතා සුවිශේෂිය. එයට හේතු වන්නේ කාන්තා මහණදම නැතහොත් භික්ෂුණිභාවයට (භික්ෂුණි ශාසනයට) අවසරය ලැබු‍ණේ බිනර පොහොය දිනයේදී නිසාය.

මහා ප්‍රජාපතී ගෝතමිය විසින් මහණවීම සඳහා කිහිප අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප විය. පසුව ආනන්ද හිමියන්කේ මැදිහත්වීමෙන් අවසරය ලබාගැනීමට හැකි විය.

මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියක් දෙනා මෙහෙණි සස්නට ඇතුළු වූයේ බිනර පොහොය දිනයේදීය.

ඒ සමඟ ම උපසම්පදාව ද මෙහෙණින් වහන්සේට උරුම විය. තව ද අෂ්ටගුරු ධර්ම පැනවීමට සිදුවූයේ ද බිනර පුන් පොහෝ දිනමය.

රාජකීය පණ්ඩිත මැදගම පඤ්ඤාරතන හිමි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *