ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2021 වසරට සාපේක්ෂව 2023 ජුලි මාසය වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් 102%කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.
ආහාර කාණ්ඩයේ මිල 128%කින් පමණ වැඩි වී ඇතැයිද, ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් 85%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන් වන පරිදි පසුගිය ජුනි මාසයට වඩා ජුලි මාසයේ උද්ධමනය අවම වී ඇත යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩ මිල පහත වැටීමක් නොව භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යාමේ වේගය පහත වැටීමක් බව ද මහාචාර්ය අතුකෝරල සඳහන් කරයි.
2023 ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේ උද්ධමනය 49%කින් වැඩි විය. එලෙස 49%කින් වැඩි වූ උද්ධමනය ජුලි මාසයේ 2.5%කින් අඩුවීම ජනතාවට කිසිදු ආකාරයකින් නොදැනෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.