භාණ්ඩාගාරයට සරුයි… රාජ්‍ය ආදායම 40%කින් ඉහළට…!

October 17, 2024 at 6:53 pm | by emanisa.lk

2024 මුල් මාස 08 තුළ රාජ්‍ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Pre-Election Budgetary Position Report 2024 ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ 2024 ජනවාරි – අගෝස්තු කාලය තුළ බදු සහ බදු නොවන ආදායම් ද ඇතුළු රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79ක් බවයි.

මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රු. බිලියන 2,348 ක් වන අතර එයින් රු. බිලියන 624 ක් ආදායම් බදු ලෙසත්, රු. බිලියන 1,421 ක් වක්‍ර බදු ලෙසත් දක්වා ඇත.

භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු තුළ අන්තර්ගත VAT බදු ආදායම රු. බිලියන 842ක් දක්වා 87.2%කින් වැඩි වී තිබේ. මීට අමතරව සුරාබදු ආදායම මෙම වකවානුව තුළ දී රු. බිලියන 385ක් දක්වා 42% කින් ද මෙම මාස 08ක කාලපරිච්ඡේදය තුළ දී ඉහළ ගොස් තිබේ. බදු නොවන ආදායම රු. බිලියන 209 ක් දක්වා 31.7% කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *