බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉතිහාසයේ ප්‍රථම වතාවට බෞද්ධ විරෝධී NGOකාරයෙකු සහ දෙමළ ජාතිකයකු පත්කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ඉතිහාසය පුරා පත්කර ඇත්තේ අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික ගිහි පැවිදි උගතුන් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එහෙත් ජයදේව උයන්ගොඩ යනු සිංහල බෞද්ධ විරෝධීයෙකු බවත් නිර්මාල් දේවසිරි වැනි පැටවුන් පිරිසක් බෝ කළේ ඔහු බවත් විමල් වීරවංශ චෝදනා කරයි.
මේ ආකාරයට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වැට්ටවීමට සැලසුම් කරන අතර අයවැය මගින් ප්‍රථම වතාවට පිරිවෙන් සඳහා මුදල් වෙන්කර නොමැති බව ද ඔහු අනාවරණය කළේය.
හිරු සටන වැඩසටහනට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.