බෞද්ධ සරසවිය මුදා ගනී…! ශිෂ්‍ය භික්ෂූන් ඉවත් වෙති…!

December 19, 2022 at 7:55 pm | by emanisa.lk

ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වල ග්‍රහණයට හසුව මුදා නොගත් ප්‍රදේශ බවට පත්ව තිබූ විශ්වවිද්‍යාල සිසු නේවාසිකාගාර ඉතිහාසයේ පලමු වරට විශ්වවිද්‍යාල පරිපාලනය යටතට ගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය මහාචාර්ය නෙළුවේ සුමනවංස හිමියෝ පැවසූහ.

“විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණ භික්ෂූන් වහන්සේලා නව මගකට යොමු කර ගැනීමටත් ශාසනික පරමාර්ථ ඉෂ්ඨ කර ගන්නත් විශාල බලපෑමක් මෙමගින් ඉටු වේවි.

දින කිහිපයක් ඇතුලත සමස්ත විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය විද්වතුන් ශාසන බලධාරීන් සමග සාකච්ඡා විශ්ව විද්‍යාල ආරම්භ කිරීමේ පරමාර්ථ වෙත නව දිශානතියකට රැගෙන යාමට කටයුතු කරනවා.

මේ ශිෂ්‍ය සංගම්වල මේ ක්‍රියාවන්ට යම් දේශපාලනික මැදිහත් වීමක් ඇතැයි සිතනවා. විශ්ව විද්‍යාල සිසුන් මෙහෙයවනු ලබන්නේ අපි නොව වෙනත් බළල් අතක් බවට අපට හැගෙනවා. විශ්වවිද්‍යාලය තුළට දේශපාලන අතපෙවීම් තියෙනවා කියල හැඟී ගොස් තිබෙනවා.

විශ්ව විද්‍යාල දරුවන් හැර වෙනත් පිරිස් සිසු නේවාසිකාගාරවලට පැමිණීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදු කරනවා.”

එම විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීම පිළිබඳ අදහස් දක්වමින් එම හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *