පසුගිය ආණ්ඩු සමයේ ඉන්ධනවලින් හොරකම් කොමිස් ගැසීම් සිදුවන බවට සිදුකළ චෝදනා අසත්‍ය බව වර්තමාන ආණ්ඩුවේ සභාපතිවරයාම පිළිගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.
කෙසේ වුව ද ආණ්ඩුවට ඉදිරියේ දී තෙල් මිල අඩුකරගත හැකි බවත් ඒ සඳහා බොරතෙල් මිල අඩු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.
මේ වන විට බොරතෙල් මිල මදක් අඩු වී ඇති බවත් අවුරුද්දට දෙතුන් වරක් සේවකයන්ට බෝනස් දීමේ වැඩපිළිවෙළ නතර කළහොත් එම වාසිය ජනතාවට ලබා දිය හැකි බවත් එස්.බී. දිසානායක සඳහන් කරයි.
අද (01) මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කීය.