මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියලුම අපේක්ෂකයන් සිය වත්කම් ලෙස ප්‍රකාශ කොට ඇත්තේ අසත්‍ය තොරතුරු බවත් මොවුන් සියලු දෙනා මෙරට කළු ආර්ථිකයේ කොටස්කාරයන් බවත් සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
“ඔබ ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකාව ඇති කර ගැනීමට ඇති මඟ අපි පාදන්න ඕන. එහෙම නැත්නම් ඒක පවක්. ඒ පව තමයි දැන් ඔය ගොඩක් අයට පටිසන් දීලා තියෙන්නේ. බුදු රජාණනන් වහන්සේගේ පහස ලැබූ දේශයේ ඇත්ත නැත්ත දන්න, හොඳ නරක දන්න, ගුණ ගරුකකම් දන්න, පින පව දන්න රටක්. ඉතිං මේ ඔක්කොම ගොඩක් පව් කරගෙන තියෙනවා මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා.
අපි සර්වජන බලය ලෙස එකතු වුණේ ඒ නිර්මල වමත් ජාතිකත්ව අරමුණු ඉෂ්ට වෙන වේදිකාවක් තනා ගන්න. සම්ප්‍රදායික දේශපාලනය ගෑවිච්ච තැන දූෂිතයි. නමුත් අපේ වේදිකාවේ එහෙම නැහැ. මේක අදූෂිත වේදිකාවක්. ඒකේ ඉඳන් මට මේ පොරොන්දුව ලබාදෙන්න පුළුවන්. අපි අදූෂිත ශ්‍රී ලංකාවක් හදනවා. ඒ අදූෂිත ලංකාවේ ඔබට ඔබේ ජීවිතය වෙනස් වෙන විදිය අපි ඔබට කියනවා.
දැන් අපේක්ෂකයෝ හතරක් පහක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අපේක්ෂකයෝ හතර, පස් දෙනාම මැතිවරණ කොමසාරිස්ට දීලා තියෙනවා දියුරුම් ප්‍රකාශයක් මගින් තමන්ගේ ආදායම. ඒ හැමෝටම තියෙන්නේ ලක්ෂයයි දෙකයි පඩිය. ඒකෙන් තමයි ජීවත්වෙලා ඔය වී එයිට් එකෙන්, රෙන්ජ් රෝවර් එකෙන් එන්නේ. හැබැයි පඩි නැහැ දිව්රුම් ප්‍රකාශයෙත් නැහැ. සමහරුන්ට තියෙන්නේ මෝටර් බයිසිකල් එකක් විතරයි. මේවා තමයි බොරු කියන්නේ. ජනාධිපතිවරණයට ඇවිල්ලා කියනවා අපි මේ කියන්නේ ඇත්ත කියලා. මේ හිරේ යන බොරුනේ දිවුරුම් ප්‍රකාශවලින් කිව්වාම.
අපි ඔක්කොම දන්නවා මේ ඔක්කොම අපේක්ෂකයෝ ඇවිල්ලා බහින වාහන මොනවද කියලා. ඒ වාහනේ ගත්තේ කොහොමද කියලා කියන්න ඕන ඒ ගොල්ලන්. එගොල්ලෝ සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ කොහොමද කියලා කියන්න ඕන. ඒක කොළ පාට වුණත්, කොළ පාටයි කහ පාටයි එකතු වුණත්, දම් පාට වුණත්, රතු පාට වුණත්, අර අහිංසක පින්ක් පාට වුණත් බොරුව බොරුවමයි. මේ ඔක්කොම අපේක්ෂකයෝ තමන්ගේ වත්කම හැටියට ප්‍රකාශ කරලා තියෙන්නේ තමන්ට ඇත්තම තියෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඉතිරි ටික ඔක්කොම කළු ආර්ථිකයෙන් ලබාගත් දෙවල්.”
ඔහු මේ බව පැවසුවේ ‘දිලිත් ගමට’ ආසන රැස්වීම් මාලාව යටතේ පුවක්පිටිය ප්‍රදේශයේ ඊයේ (05) පැවති ජනහමුවට එක් වෙමිනි.