බොරුකාරයන්ට ඡන්දේ දෙන්න එපා…! – ජීවන් තොන්ඩමන්….

April 29, 2025 at 12:48 pm | by emanisa.lk

බොරු පොරොන්දු ලබා දෙන අයට ඡන්දය ලබා දීමට වතුකරයේ ජනතාව පෙළඹී ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් පවසයි.

“අනෙක් පක්ෂ ලබා දෙන පඩිය මදි කියලා විවේචනය කරනවා විතරයි. මම රාජ්‍ය ඇමති කාලෙත් කැබිනට් ඇමති කාලෙත් මට ලැබුණු ප්‍රතිපාදනවලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කළා.

වතුකම්කරුවන්ට පඩි වැඩි කරලා දෙනවා කියලා ජනාධිපතිතුමා තලවකැලේ දි කිව්වා. තාම පඩි වැඩි කළේ නෑ. රැල්ලට ඡන්දය භාවිත කරන්න යන්න එපා. හැමදාම වතුකම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ලංකා කම්කරු කොංග්‍රසය කෙරෙහි විශ්වාසය තබන්න.”

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ලංකා කම්කරු කොංග්‍රස් පළාත් පාලන මැතිවරණ ජන හමුවකට හැටන් ඇබොස්ලි වතුයායේ දී එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *