බොරැල්ල පල්ලි බෝම්බය රු. 50,000ක කොන්ත්‍රාත්තුවක්…!

January 17, 2022 at 4:52 pm | by emanisa.lk

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියේ සුලමුල මේ වන විට බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

එය කාල බෝම්බයක් ලෙස පල්ලිය තුළ අටවා තැබූ පුද්ගලයා ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සමත්ව තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වී ඇත්තේ රු. 50, 000ක් ලබා දීමේ පොරොන්දුව ඔහු පල්ලියෙහි බෝම්බය තැබූ බව ය.

මෙම බෝම්බය තැබීම කිසියම් කුමන්ත්‍රණකාරී සිදුවීමක් බව පවසන බුද්ධි අංශ මේ වන විටත් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *