බේරේ වැව පළාතම ගඳ ගස්සයි… ව්‍යාපාරිකයෝ හොටෙල් වසා පැන දුවති…!

September 11, 2025 at 10:29 am | by Namal

රේ වැවෙන් හමා එන දැඩි දුර්ගන්ධය හේතුවෙන් වැව ආසන්නයේ හෝටල් ආදිය පවත්වාගෙන යාම දැඩි අර්බුදයක් බවට පත්ව ඇතැයි එහි පදිංචිකරුවෝ චෝදනා කරති.

බේරේ වැවට කොළඹ නගරයේ මළ අපද්‍රව්‍ය සහ අප ජලය මහා පරිමාණයෙන් බැහැර කෙරෙන අතර වැවෙන් හමා එන අධික දුර්ගන්ධය හේතුවෙන් හෝටල් කිහිපයක් දැකටමත් වසා දමා ඇත. අධික දුගඳ නිසා සිය නිවාසවල ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද නිවෙස් හිමියෝ කියා සිටිති.

බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති, බේරේ වැව පිරිසුදු කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පිහිටුවන ලද කාර්ය සාධන බළකායේ සභාපති චතුර කහඳවආරච්චි කියා සිටියේ බේරේ වැව පිරිසුදු කිරීම සඳහා කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවය. 0773659804 –

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *