බේරුවල ජනරැලියේ ජනාධිපති ආරක්ෂාව තරකරයි… වරායට ධීවර බෝට්ටු පැමිණීම නවතා දැමේ…!

September 6, 2026 at 11:55 am | by emanisa.lk

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බේරුවල ධීවර වරායට බෝට්ටු ඇතුළු කිරීම තාවකාලිකව නතර කිරීමට පොලිසියට උපදෙස් දුන් ලිපියක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

ඒ අද (06) කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනහමුවක් වෙනුවෙනි.

බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ජනරැලියේ වේදිකාව වරායට මුහුණලා පිහිටුවා ඇත.

ඒ නිසා ජනාධිපතිවරයා වේදිකාවේ සිටින කාලය තුළ වරායට ධීවර බෝට්ටු පැමිණීම නවතා දැමීමට එම ලිපියෙන් දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *