බුරවි කුණාටුවට හසු වී අතුරුදන් වූ ධීවරයාගේ සිරුර හමුවෙයි!

December 4, 2020 at 3:36 pm | by emanisa.lk

බුරවි කුණාටුවෙන් අතුරුදහන් වූ යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ ධිවරයාගේ මෘතදේහය දින තුනකට පසුව හමුවී ඇත.

පසුගිය පළමුවන දා රාත්‍රියේ මසුන් ඇල්ලීමට ගිය ධීවරයා නැවත නොපැමිණීම නිසා ඔහුගේ ඥතීන් විසින් පොලිසියට පැමිණිල්ලක් දමා තිබිණි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසු දින ඔහු සෙවීම අපහසු වූ අතර ඊයේ (03) සවස ධීවරයාගේ ශරීරය යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබේ.

මරණයට හේතුව ධිවරයාගේ යාත්‍රාව කුණාටුවට හසුවීමෙන් විනාශ වීම මගින් ධීවරයා මුහුදේ ගිලි මියයාම බවට සැක පළකරන අතර මියගිය ධීවරයා 37 හැවිරිදි සෙල්වකුමාර් සෙල්වරාසා නමැත්තකු බව පැවසේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *